රසායන ද්‍රව්‍ය මිශ්‍ර වු තේ කොළ තොගයක් STF බාරයට

Share

රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර ඇති බවට සැක කෙරෙන සකස් කරන ලද තේ කොළ කිලෝ 178යි ග්‍රෑම් 400ක ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිය බාරයට ගෙන ඇත.

බුලත්සිංහල ඉහළ වෙල්ගම පිහිටි කර්මාන්තශාලාවකින් මෙම තේ කොළ තොගය සිය බාරයට ගෙන තිබේ.

අදාළ තේ කොළ සාම්පල කීපයක් තේ මණ්ඩලයේ බදුරලිය ශාඛාව වෙත යොමු කර ඇති අතර ඉතිරි තේ කොළ තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා බුලත්සිංහල පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත.

Read more

Local News