කොච්චිකඩේ ශා.අන්තෝනි දේවස්ථානයේ මංගල්‍ය දිව්‍ය පූජාව අදයි

Share

බලය සොයා යන ඇතැම් පිරිස් පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ අන්තවාදී ත්‍රස්තවාදීන් යොදා ගෙන ඇති බවට අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථාන මංගල්‍යයේ දිව්‍ය පූජාවට අද (13) එක්වෙමින්.

කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ මංගල්‍ය දිව්‍ය පූජාව අද පෙරවරු 10ට සිදුකෙරුණි.

ඒ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත්වූවන් සිහිපත් කරමින් මෙවර වාර්ෂික මංගල්‍ය උත්සවාකාරයෙන් නොපැවත්වීමට ශාන්ත අන්තෝනි දේවස්ථානය තීරණය කර ඇත.

ඒ අනුව කොඩිගස එසවීම, ප්‍රසිද්ධ නුවානයන් නොපැවැත්වීම සහ මංගල්‍ය පෙරහැර ද මෙවර නොපැවැත්වෙනු ඇත.

Read more

Local News