අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු දස දෙනාට අධි චෝදනා ගොනු කරන්න අනුමැතිය

Share

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීම සඳහා අගවිනිසුරු විසින් නීතිපතිවරයාට අනුමැතිය ලබා දී ඇත.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු දස දෙනෙකුට සමුපුර්ණ චෝදනා 23ක් අඩංගු  අධි චෝදනා සූදානම් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වන රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මහත්මිය ප්‍රකාශ කළේය.

අදාළ නඩුව විභාග කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පනවන ලෙස නීතිපති දප්පුලි ද ලිවේරා මහතා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇති බව රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මහත්මිය පසුගියදා සඳහන් කළේය.

අදාළ ඉල්ලීම නීතිපතිරයා විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය වෙත ලිඛිතව යොමුකර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය එහිදී වැඩිදුරටත් පැවසීය.

මීට අදාළව නීතිපතිවරයා විසින් අග විනිසුරුවරයා වෙත යොමුකළ සංදේශයේ මඟින් සඳහන් කෙරුණේ මහ බැංකු බැඳුම්කර සිද්ධිය හරහා මෙරට ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී ඇති බවයි.

ඒ තුළින් රුපියල් බිලියන 10058  ක භාණ්ඩාගාර බැඳුම්කර වංක සාවද්‍ය පරිහරණය කිරීමක් සිදුවී ඇතැයි පෙන්වා දෙන නීතිපතිවරයා ඒ හරහා රජයට රුපියල් මිලියන 688,762,100 ක පාඩුවක් සිදුවී ඇති බවද දැනුම් දුන්නේය.

මෙහි විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 23 ක් යටතේ අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරුණි.

මෙම සිද්ධිය විත්තිකරුවන් ලෙස ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන්, පත්තිනිගේ සමරසිරි, පර්පෙඩුවල් ට්‍රෙෂරීස් සමාගම, අර්ජුන් ජෝශප් ඇලෝසියය්, කසුන් ඕෂධී පළිසේන, ජෙෆ්රි ජෝශප් ඇලෝසියය්, පුශ්‍ය මිතු ගුණවර්ධන, විත්ත රන්ජන් හුලුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන්, අජගාන් ගාර්දිය පුංචිහේවා යන පුද්ගලයින්ය.

2015 වසරේ පෙබරවාරි මස 27 වනදා සිදුවූ බැඳුම්කර වෙන්දේසිය ට අදාළව පොදු දේපළ පනතේ 5(1) වගන්තිය යටතේ මෙම අධි චෝදනා පත්‍ර ගොනු කිරීමට නියමිත බවද නීතිපතිවරයා විසින් අග විනිසුරුවරයා වෙත යොමුකළ ඉල්ලීමේ සඳහන් වෙයි.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු දස දෙනෙකුට සම්පුර්ණ චෝදනා 23ක් අඩංගු අධි චෝදනා ගොනුකෙරුණි.

අදාළ නඩුව විභාග කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පනවන ලෙස නීතිපති දප්පුලි ද ලිවේරා මහතා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇති බව රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මහත්මිය සඳහන් කළේය.

අදාළ ඉල්ලීම නීතිපතිරයා විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය වෙත ලිඛිතව යොමුකර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වැඩිදුරටත් පැවසීය.

මීට අදාළව නීතිපතිවරයා විසින් අග විනිසුරුවරයා වෙත යොමුකළ සංදේශයේ මගින් සඳහන් කර තිබෙන්නේ මහ බැංකු බැඳුම්කර සිද්ධිය හරහා මෙරට ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී ඇති බවයි.

ඒ තුළින් රුපියල් බිලියන 10058  ක භාණ්ඩාගාර බැඳුම්කර වංක සාවද්‍ය පරිහරණය කිරීමක් සිදුවී ඇතැයි පෙන්වා දෙන නීතිපතිවරයා ඒ හරහා රජයට රුපියල් මිලියන 688,762,100 ක පාඩුවක් සිදුවී ඇති බවද දැනුම් දී තිබේ.

මෙහි විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 23 ක් යටතේ අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද දැනුම් දී තිබෙනවා.

මෙම සිද්ධිය විත්තිකරුවන් ලෙස ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන්, පත්තිනිගේ සමරසිරි, පර්පෙඩුවල් ට්‍රෙෂරීස් සමාගම, අර්ජුන් ජෝශප් ඇලෝසියය්, කසුන් ඕෂධී පළිසේන, ජෙෆ්රි ජෝශප් ඇලෝසියය්, පුශ්‍ය මිතු ගුණවර්ධන, විත්ත රන්ජන් හුලුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන්, අජගාන් ගාර්දිය පුංචිහේවා යන පුද්ගලයින්ය.

2015 වසරේ පෙබරවාරි මස 27 වනදා සිදුවූ බැඳුම්කර වෙන්දේසිය ට අදාළව පොදු දේපළ පනතේ 5(1) වගන්තිය යටතේ මෙම අධි චෝදනා පත්‍ර ගොනු කිරීමට නියමිත බවද නීතිපතිවරයා විසින් අග විනිසුරුවරයා වෙත යොමුකළ ඉල්ලීමේ සඳහන් විය

Read more

Local News