වේගෙන් ආ යතුරුපැදියක ගැටී මගියෙක් මරුට

Share

අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක ගැටී ප්‍රධාන මාර්ගය හරහා මාරු වෙමින් සිටි මගියෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.

ඊයේ(13) රාත්‍රීයේ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ නගර සතොස ශඛාව අසලය.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ නානුඔය ප්‍රදේශයේ පදිංචි සුබ්‍රමණියන් ජෙයරාජ් නැමති 47 හැවිරිදි දෙදරු පියෙකි.

අධික වේගයෙන් ධාවනය වි ඇති යතුරුපැදියට ප්‍රධාන මාර්ගය හරහා මාරුවෙමින් සිටි මගියා ගැටි අඩි කිහිපයක් ඉදිරියට විසි වි තිබෙන අතර මගීයා බරපතල ලෙස තුවාල ලබා ලිදුල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑලිය මුලික රෝහල වෙත මාරු කර යැවිමේදි ඔහු ජිවිතක්ෂයට පත් වි ඇති බවයි අනතුර පිලිබඳව පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් කියා සිටියේ.

යතුරුපැදිකරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, යතුරුපැදිකරුගේ අධික වේගය අනතුරට හේතු වි ඇති බවත්, සැකකරු නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි තලවකැලේ පොලිසිය කියා සිටියේ.

Read more

Local News