සිසුවියන්ගේ අඩ නිරුවත රූගත කළ මුස්ලිම් ගුරුවරයා රිමාන්ඩ්

Share

තවුහිත් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාදය සම්බන්ධයෙන් දේශන පැවැත්වූ බව කියන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක ගුරුවරයෙකු ලෙස කටයුතු කළ මුස්ලිම් ජාතිකයෙකු ලබන 20 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (13) මෙම නියෝගය ලබා දි තිබේ.

අදාළ සැකකාර ගුරුවරයා තමන් යටතේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට විෂය දැනුම ලබාදීම පසෙක තබා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාදය සම්බන්ධයෙන් දේශන පැවැත්වූ බවට
චෝදනා එල්ලවී තිබේ.

මෙම පුද්ගලයා කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක ගුරුවරයෙකි.

හෂීම් අහමඩ් නැමති මෙම සැකකරු අදාළ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයේ දියණිය ඇතුළු තරුණ සිසුවියන් සිය ශාරීරික අවශ්‍යතා සඳහා වැසිකිළිය වෙත ගිය අවස්ථාවලදී සහ ඇඳුම් මාරුකරන ස්ථානවලදී ඉතා සුක්ෂම ලෙස එකී අඩ නිරුවත් දර්ශන වීඩියෝ ගත කර ඇති බවටද චෝදනා එල්ල වී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් එම ආයතන හිමිකරු කොල්ලු පිටිය පොලීසිය වෙත ගිය අවස්ථාවේදී පොලිස් ස්ථානය තුළදී ආයතන හිමිකරුට අදාළ සැකකරු තර්ජනය කර ඇති බවත් පැමිණිලේ නිතීඥවරුන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේය.

එම කරුනු සලකා බැලු කොටුව මහේස්ත්‍රාත්වරයා එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව වාර්තාවෙයි.

Read more

Local News