නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ සැකකරුවන් පහක් මාට්ටු

Share

වැල්ලවාය ඌව කුඩාඔය පොලිසිය විසින් කුඩාඔය විස්ස යාය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී බලපත්‍ර කොන්දෙසි උල්ලංඝණය කරමින් වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රථ පහක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් විස්ස යාය ප්‍රදේශයෙන් වැලි පටවා තෙලුල්ල ප්‍රදේශය වැලි අලෙවි කරන ස්ථානයක් දක්වා වැලි ප්‍රවාහනය කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර සැකකරුවන් දීර්ඝකාලයක සිට මෙම ජාවාරමේ නිරත වී ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කුඩාඔය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

Read more

Local News