ඕමාන් ගුවන්යානයක් හදිසියේ මත්තලට එයි

Share

මස්කට් සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඕමාන් ගුවන්සේවයට අයත් WY 371 දරන මගී ප්‍රවාහන ගුවන්යානය මත්තල ගුවන් තොටුපල වෙත ගොඩ බස්සවා තිබේ.

කටුනායක පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම ගුවන්යානය මත්තලට ගොඩබස්වා තිබේ.

අද(14) පෙරවරු 8.20ට පැමිණ තිබෙන මෙම ගුවන්යානය කටුනායක කාලගුණ තත්ත්වය යහපත් අතට හැරීමෙන් පසු යළි පෙරවරු 9.50 ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පියාසර කල බව මත්තල ගුවන්තොටුපොළේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.

Read more

Local News