අනවසරෙන් මැණික් ගැරූ 4ක් අත්අඩංගුවට

Share

බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගැරූ ජාවාරම්කරුවන් සිව් දෙනෙක් ඊයේ(13) රාත්‍රීයේ සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.

කාසල්රි ජලාශයට මහ එලිය රක්ෂිතයේ සිට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය අසල බගවන්තලාව වත්ත ප්‍රදේශයෙන් මෙම ජාවාරම්කරුවන් පිරිස විශාල වලවල් හාරා පරිසර විනාශයක් සිදු කරමින් අනවසර මැණික් ගැරිමේ නිරතව සිටි බවයි වැටලිම සිදු කළ බගවන්තලාව පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර එම සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇත.

සැකකරුවන් එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ලබන 18 දින නඩු පවරන බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.

Read more

Local News