මුලතිව් අනතුරකින් දෙදෙනෙක්ට තුවාල

Share

මුලතිව්, මුල්ලියාවලෙයි ප්‍රදේශයේදී ඊයේ(14) සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

පා පැදියක් හා කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, අනතුරින් පාපැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසූවේ.

ඔවුන් මුල්ලියාවලෙයි ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු වෙයි.

තුවාලකරුවන් මුලතිව් රෝහලට ඇතුළත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News