අක්‍ෂි රෝහල් ශල්‍යාගාරය වසයි

Share

රෝහල් කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකුට ඩෙංගු රෝගය වැලඳීම හේතුවෙන් අද (17) දින සිට කොළඹ අක්‍ෂි රෝහලේ ශල්‍යාගාරය වසා දමා ඇතැයි වාර්තා වේ.

එම රෝහල් කාර්යමණ්ඩලයේ 15 දෙනෙකුට ඩෙංගු රෝගය වැලඳීම හේතුවෙන් රෝහල් කාර්යමණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව එම රෝහල මගින් සිදුකිරීමට නියමිතව තිබූ සියලු සැත්කම් අවංගු කර ඇති බවත්, හදිසි සැත්කම් සිදුකිරීමට නියමිතව සිටි රෝගීන් කළුබෝවිල රෝහලට යොමුකර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Read more

Local News