වකුගඩු රෝගීන් වෙනුවෙන් ඉදිකෙරෙන දකුණු ආසියාවේ විශාලතම රෝහල

Share

දෙසැම්බර් මස 06 වෙනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් වකුගඩු රෝගීන් වෙනුවෙන් ඉදිකෙරෙන දකුණු ආසියාවේ විශාලතම රෝහල වන ජාතික වෘක්කවේද විශේෂිත රෝහලට පොළොන්නරුවේදී  මුල්ගල් තැබීමට නියමිතය.

මහජන චීන සමූහාන්ඩුවේ ආධාර මගින් ඉදිකෙරෙන මෙම රෝහල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 120ක විටිනාකමින් යුක්තය. මෙම ව්‍යාපෘතිය මගින් වකුගඩු රෝගීන් සඳහා සියලුම නවීන පහසුකම් සහිත, නවීන තාක්ෂණික උපකරණයන්ගෙන් සමන්විත භාහිර සහ නේවාසික ප්‍රතිකාර වලින් ‍යුත් රෝගී ඇදන් 200කින් සහ රුධිර කාන්දුකරණ ඇදන් 100කින් යුත් විශේෂිත වෘක්කවේද රෝහල පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලට නුදුරින් 28 කණුව ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිතය.

වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන් සඳහා වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කරම්, රුධිර කාන්දුකරන සේවා ඇතුලු සියලුම සායනික සේවා, රසායනාගාර සේවාවන්, උපදේශන සේවා එමගින් ලබාදීමට අපෙක්ෂිතය.

මෙහිදී මහජන චීන රජය ව්‍යාපෘති සැලසුම් සම්බන්ධීකාරක ලෙස කටයුතු කරයි. එහි නියෝජිත ආයතන ලෙස Agency for International Economic Cooperation (AIECO), Ministry of Commerce of Peoples Republic of China ක්‍රියා කරන අතර, ව්‍යාපෘති කළමනාකාරීත්වය සිදු කිරීම, ව්‍යාපෘති සැලසුම් අධ්‍යයන කටයුතු සිදු කිරීම Consortium of Beijing Institute Of Architectural Design Co.Ltd (BID) ආයතනය විසින් සිදු කරනු ලබයි.

මේ වන විට දෙරටෙහි විෂය විශේෂඥවරුන් අතර සාකච්ඡා සිදු කිරිමෙන් අනතුරුව ජාතික වෘක්කවේද ‍විශේෂිත රෝහලෙහි නිර්මාණ සැලසුම් සකසා අවසන් කොට ඇත.

ජාතික වෘක්කවේද ‍විශේෂිත රෝහලෙහි නිර්මාණ සැලසුම වන්නේ මූලික ප්‍රතිකාර ඒකකය, ඇඳන් 200කින් යුත් නේවාසික රෝගී ප්‍රතිකාර ඒකකය වෛද්‍ය වාට්ටු 02කින් යුතු ඇඳන් 120ක පිරිමි නේවාසික ප්‍රතිකාර ඒකකය, වෛද්‍ය වාට්ටුවකින්, ළමා වාට්ටුවකින් හා ශල්‍ය වාට්ටුවකින් සමන්විත ඇඳන් 80ක කාන්තා ශා ළමා නේවාසික ප්‍රතිකාර ඒකකය, නවීන තාක්ෂණික පහසුකම් වලින් යුත් ඇඳන් 10 බැගින් යුතු වෛද්‍ය හා ශල්‍ය දැඩිසත්කාර ඒකක දෙකකි, රුධිර කාන්දුකරණ ඇඳන් 100ක් සහ උදරච්ඡද කාන්දුකරන ඇඳන් 15ක්, ඩිජිටල් එක්සේ මැෂින්, සීටි ස්කෑන් මැෂින්, ඊ.සී.ජී ඒකකයක්, යූඑස් ස්කෑන්, රසායනික ව්‍යාධවේදී හා පඨක ව්‍යාධවේදී අංශය, රුධිර බැංකුව, උපදේශන සේවා හා අධ්‍යාපනික වැඩසටහන් දියත් කිරීම සඳහා පුද්ගලයින් 200කට ආසන පහසුකම් සහිත නවීන ශ්‍රව්‍ය දෘෂ්‍ය තාක්ෂණික උපකරණයන්ගෙන් යුත් ශ්‍රවණාගාරය, විශේෂඥ හා වෛද්‍ය නිලධාරීන් හෙද නිලධාරීන් හා අනෙකුත් කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය නේවාසිකාගාර පහසුකම්ද මේ ව්‍යාපෘතිය මගින් ලබාදී ඇත.

Read more

Local News