ජනාධිපති අපේක්ෂකයා නම් කරන්න පුළුයන් මහින්දට විතරයි

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමේ හැකියාව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

කළුතර පයාගල  ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණ අපේක්ෂකයා තවමත් ප්‍රකාශ කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වයට ආරාධනාවක් පැමිණ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

මේ අතර මන්ත්‍රීවරයා වැඩදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ තමා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් බවත් හැමදාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින බවත්ය.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News