ලබන 20 වැනිදා දුම්රිය කිහිපයක් අවලංගුයි

Share

උතුරු දුම්රිය මාර්ගයේ සිදු කෙරෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන් දුම්රිය කිහිපයක් ලබන 20 වන දින අවලංගු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

පොල්ගහවෙල සිට පොතුහැර දක්වා වු කොටසේ අදාළ නඩත්තු කටයුතු සිදුවන බව දුම්රිය නියෝජ්‍ය වාණිජ අධිකාරී ඩබ්ලිව්.ඩී රංජිත් පත්මලාල් මහතා පැවසුවේය.

ඒ අනුව මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය, තලෛමන්නාරම් රාත්‍රී තැපැල් දුම්රිය, කන්කසන්තුරෛ රාත්‍රී තැපැල් දුම්රිය සහ ත්‍රිකුණාමලය රාත්‍රීතැපැල් දුම්රිය අවලංගු කෙරෙයි.

කෙසේවෙතත් පොල්ගහවෙල සිට මහව මංසන්ධිය දක්වා ධාවනය වන රේල් බස් රථය, කොළඹ කොටුව සිට ගනේවත්ත දක්වා ධාවනය වන දුම්රිය සහ කන්කසන්තුරෛ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කළේය.

Read more

Local News