රට පුරා දුම්රිය ස්ථාන 53කට Wi-Fiකලාප 89ක්

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සේවා පහසුකම් සපයන ආයතන මඟින් දිවයින තුල දුම්රිය ස්ථාන පනස්තුනක් සඳහා Wi-Fi කලාප අසූනමයක් ස්ථාපනය කිරීමට කටයුතුකර ඇත.

දුම්රිය ස්ථාන 53ක් ආවරණය වන පරිදි ලබා දී ඇති Wi-Fi කලාප සම්බන්ධතා පහසුකම් වලින් 55ක් , එනම් Wi-Fi කලාප 49ක් සඳහා අන්තර්ජාල සම්බන්ධතා එක් ආයතනයක් විසින් සපයා දී ඇත.

අනෙකුත් අන්තර්ජාල සේවා පහසුකම් සපයන ආයතන දුම්රිය ස්ථානයන්හි Wi-Fiකලාප 24ක අන්තර්ජාල සම්බන්ධතාවන් ලබාදී තිබේ.

Wi-Fi සම්බන්ධතාව ලබා දීමේදී දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය වන පරිදි දුම්රිය ස්ථාන සඳහා අන්තර්ජාල පහසුකම් සපයා ඇත.

එම Wi-Fi කලාප 89න් 40ක් එනම් සමස්ථ දුම්රිය ස්ථාන සඳහා ලබාදී ඇති Wi-Fi පහසුකම් කලාපයන්ගෙන් 49න් 44ක ප්‍රමාණයක් බස්නාහිර පළාත තුලත්  එයින් කලාප 22ක් කොළඹ දිස්ත්‍රික්කයෙහි පිහිටා ඇති දුම්රියස්ථාන 14ක් කේන්ද්‍රගත කර තිබේ.

සබරගමුව පළාත තුල එක් දුම්රිය ස්ථානයකට පමණක් Wi-Fi ආවරණය ලබා දී ඇති අතර එය කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් රඹුක්කන දුම්රිය ස්ථානය වේ.

මධ්‍යම පළාතට අයත් Wi-Fi පහසුකම් සහිත දුම්රියස්ථාන 3 මහනුවර දිස්ත්‍රික්කය තුලත්, වයඹ පළාතට අයත් එම දුම්රිය ස්ථාන 5 කුරුණෑගල දිස්ත්‍රික්කය තුලත්,  ඌව පළාතට අයත් Wi-Fi පහසුකම් සහිත දුම්රිය ස්ථාන 5බදුල්ල දිස්ත්‍රික්කය තුලත් පිහිටා ඇත.

මෙම ව්‍යාපෘතියට අදාළ නියාමන සහ පසු විපරම් කටයුතු අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මඟින් විධිමත්ව පවත්වා ගෙන යනු ලැබේ.

Read more

Local News