මහබාගේ විදුලි කාර්මික කර්මාන්ත ශාලාවක ගින්නක්

Share

මහබාගේ මත්තුමගල ගුණසේකර මාවතේ විදුලි කාර්මික කර්මාන්ත ශාලාවක හටගත් ගින්නකින් එම කර්මාන්ත ශාලවට දැඩි අලාභහානී සිදුව තිබේ.

අද උදෑසන 6ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් විදුලි උපකරණ රැසකට සහ කර්මාන්ත ශාලවේ තීබූ අමුද්‍රව්‍ය රැසකටද හානී සිදුව තිබේ.

එමෙන්ම ගින්න පැතිරීම හේතුවෙන් අසල නිවාස 2කට හානි සිදුව ඇත.

කොළඹ හා ගම්පහ දිස්ත්‍රීක් ගිනිනිවිම් ඒකකය, නාවික හමුදාව හා ගම්වාසීන් එක්ව ගිනි නිවිම් රථ 07ක් යොදා ගනිමින් පැය 2 1/2 කපමණ කාලයකින් පසු ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා තිබේ.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහබාගේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Read more

Local News