හබරන-ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අනතුරකින් සිව්දරු මවක් මරුට

Share

හබරන-ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හබරන, ‍ගල්ඔය ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

ලොරි රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

කන්තලේ ඥාතී නිවසකට ගොස් නැවත ගලේවෙල පිහිටි නිවස වෙත පැමිණෙමින් සිටින අතරතුර ගල්ඔය ප්‍රදේශයේදී පළතුරු මිලදී ගැනීම සඳහා ත්‍රීරෝද රථය නතර කර තිබූ අවස්ථාවේදී  අධික වේගයෙන් පැමිණි ලොරි රථය ත්‍රීරෝද රථයේ පිටුපස ගැටී මෙම අනතුර සිදුව ඇති බව හබරන පොලීසිය පවසයි.

අදාළ අනතුරින් මිය ගොස් ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි සිව්දරු මවකි.

එමෙන්ම මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් මිය ගිය කාන්තාවගේ 19 හැවිරිදි දියණිය හා ලොරි රථයේ රියදුරු තුවාල ලබා හබරන රෝහලට ප්‍රදේශිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහල වෙත මාරුකර යවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හබරන පොලීසිය විසින් සිදු කරයි.

Read more

Local News