මත්කුඩු ගෙනා ඉරාන ජාතිකයින් 9 දෙනා යළි රිමාන්ඩ්‍

Share

ඉකුත්දා මත්කුඩු කිලෝ ග්‍රෑම් 107ක් සමඟ දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගන්නා ලද ඉරාන ජාතිකයින් නව දෙනා ලබන 02 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද(18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

ඒ අනුව සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් බවට පත් කරන මෙන් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 02 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද පොලීසියට නියම කළේය.

Read more

Local News