සිරියාවේ, ගෝටාහි ගුවන් ප්‍රහාරවලින් 23 දෙනෙකු මරුට

Share

සිරියාවේ කැරලි කණ්ඩායම් අත්පත් කරගෙන ඇති ප්‍රදේශ වෙත එල්ල කෙරුණු ගුවන් ප්‍රහාරවලින් 23 දෙනෙකු මියගොස් තිබේ. සිරියානු රජයේ හමුදා අදාළ ප්‍රහාර එල්ල කර ඇති බවට නිරීක්ෂණ කණ්ඩායම් පවසා ඇත. ඩමස්කස් අගනුවරට ආසන්න නැගෙනහිර ගෝටා ප්‍රදේශය වෙත ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

ගුවන් ප්‍රහාර හා කාලතුවක්කු ප්‍රහාර ද අදාළ ප්‍රදේශය වෙත එල්ල කෙරුණු බව නිරීක්ෂණ කණ්ඩායම් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. ප්‍රහාරවලින් විපතට පත්වූවන් අතර ළමුන් ද සිටින බව වාර්තා වේ.

අදාළ ප්‍රදේශයේ සිරියානු හමුදා මීට සති දෙකකට පෙර ක්‍රියාන්විත ආරම්භ කිරීමෙන් අනතුරුව මේ දක්වා පුද්ගලයන් 120කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇත.

මේ අතර ඩමස්කස්හි අල් – මිඩාන් ප්‍රදේශයට එල්ල වූ රොකට් වෙඩි ප්‍රහාරයකින් සිව් දෙනෙකු තුවාල ලබා ඇත.

Read more

Local News