සහන පැකේජය පුළුල් කරන්න අනුමැතිය

Share

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බලපෑමට ලක්වු සංචාරක කර්මාන්තය නංවාලීමේ අරමුණින් හඳුන්වා දුන් “සහන පැකේජය“ තවදුරටත් පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ප්‍රහාරයේ තර්ජනය සැලකිල්ලට ගෙන එම ක්ෂේත්‍රය නඟා සිටුවීම සඳහා සහන පැකේජයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දුන්නේය.

එයට අමරතව එම සිද්ධිය හේතුවෙන් බලපෑමට ලක් වු සංචාරක කර්මාන්තය හා සම්බන්ධ අනෙකුත් කේෂ්ත්‍රයන් සඳහා ද සහන ලබා දෙන ලෙස ඉදිරිපත් වු නියෝජනයන් සලකා බලමින් එම අංශ සඳහා ද පෙර ලබා දුන් සහන තවදුරටත් පුළුල් කිරීම සඳහා ක්‍රියා කර තිබේ.

ඒ අනුව සංචාරක කර්මාන්තයේ නියැලි සිටින ආයතන හා පුද්ගලයින් සඳහා හඳුන්වා දුන් කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය වෙනුවෙන් 2020 මාර්තු 31 දින දක්වා සහන කාලයක් ලබා දීම හා ඒ සඳහා වන ණය සුරැකුම් අරමුදලේ ආවරණය පුළුල් කිරිම, මගී බස්රථ හිමියන් සඳහා 2019 ජූනි 30 දක්වා මාස 2 ක ණය සහන කාලයක් ලබා දීම, සංගීත කණ්ඩායම් සඳහා ද සංචාරක කර්මාන්තයේ නියැලි සිටින ආයතන හා පුද්ගලයින් සඳහා හඳුන්වා දුන් කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය හඳුන්වා දීම සහ සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ව්‍යාපාර කටයුතුවලදී යෙදී සිටින කුඩා පරිමාණයේ අවිධිමත් අංශවල පුද්ගලයින් හා ආයතනවලට අවශ්‍ය මුල්‍ය සහාය ලබා දීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන “ සංචාරක පොඩ්ඩෝ“ සහන ණය ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ වෙනුවෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read more

Local News