බැටික්ලෝ කැම්පස්හී බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු දෙන්නැයි ජනපති කොමිසම ලංකා බැංකුවට දන්වයි

Share

බැටික්ලෝ කැම්පස් ආයතනයට අයත් බැංකු ගිණුම් පිළිබඳ සියලු තොරතුරු ලබා දෙන්නැයි පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම අදාළ ලංකා බැංකුවට දැනුම් දී තිබේ.

ඒ, එම ආයතනය සඳහා විදේශවලින් ලැබුණු අරමුදල් සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය සඳහා ය.

2016 වසරේ මාර්තු මාසයේ සිට 2017 වසරේ මාර්තු මාසය දක්වා බැටික්ලෝ කැම්පස් ආයතනයේ බැංකු ගිණුමේ සියලු ගනුදෙනු ඇතුළත් වාර්තාවක් ලබන 20 වන දිනට පෙර ලබා දෙන්නැයි අදාළ ලංකා බැංකුවේ මෙහෙයුම් කළමනාකරුට දැනුම් දුන් බව ජනාධිපති කොමිසමේ නිලධාරියෙකු සඳහන් කළේ ය.

මේ අතර මෙම ආයතනයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා මේ වන විට ජනාධිපති කොමිසමට ප්‍රකාශයක් ලබා දී ඇති අතර ඉදිරියේදී එහි පාලක මණ්ඩලයේ පුද්ගලයින්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත ය.

Read more

Local News