ලක්ෂ 70ක කුඩු සමඟ පුද්ගලයෙක් කටුබැද්දේ දී අත්අඩංගුවට

Share

මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 70 කට අධික වටිනාකමින් යුතු හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී හෙරොයින් ජාවාරමේ නිරතව සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 127 ක් සොයාගෙන ඇති අතර යතුරුපැදියක් සහ ජංගම දුරකතන දෙකක්ද විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට බාරදී තිබේ.

Read more

Local News