ජනපති අපේක්ෂකයා තවමත් තෝරලා නෑ

Share

ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකයා තවමත් තෝරා ගෙන නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (18) පස්වරුවේ කොළඹදී මාධ්‍ය විමසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මඟින් 18 වන වරටත් පවත්වන බෞද්ධාලෝක තොරණ ඊයේ පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරනු ලැබුවේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්‍ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඇතුලු පිරිසක්ද එක්ව සිටියේය.

නොයෙක් පුද්ගලයින් නොයෙක් ආකාරයට ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ නම් යෝජනා කරන නමුත් තවමත් නිෂ්චිතව අපේක්ෂකයෙක් තෝරාගෙන නොමැති බව ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

අපේක්ෂකයා පිළිබඳ නිවැරදි කාලයේ දී ප්‍රකාශයට පත් කරන බවත් කෙසේ වුවත් ඉදිරිපත් කරන අපේක්ෂකයා නිසැකවම ජයග්‍රහණය කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News