රාජිතගෙන් හෙද අයදුම්කරුවන්ට සහනයක්

Share

හෙද හෙදියන් බඳවා ගැනීමේ දී අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ වුවත්, නියමිත උස නොතිබීම නිසා අසාධාරණයට පත් වූ අයදුම්කරුවන්ට අභියාචනා ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉල්ලා සිටියි.

උස ප්‍රමාණවත් නොවීම නිසා සම්මුඛ පරීක්ෂණ වලින් ඉවත් වූ අයදුම්කරුවන් මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාට පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

ඒ පිළිබඳ අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා අයදුම්කරුවන්ගෙන් ලැබෙන අභියාචනා සැළකිල්ලට ගන්නා ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (හෙද පාලන) ඩොනල්ඩ් මුරගේ මහතාට උපදෙස් ලබා දී ඇත.

මෙවර හෙද හෙදියන් 3000 ක් පුහුණුව සඳහා බඳවා ගන්නා අතර, ඔවුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබූයේ ඔන්ලයින් ක්‍රමයටයි.

හෙද පනතට අනුව හෙද හෙදියන් බඳවා ගැනීමේ නියමිත උස වන්නේ සෙන්ටිමීටර් 147.3 කි.  

Read more

Local News