මොළය ඉදිමීමේ වෛරසයක් නිසා ඉන්දියාවේ දරුවන් 90ක් ජීවිතක්ෂයට

Share

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැතිර යන නිධිකර්පරදාහය වෛරසයක් හෙවත් මොළය ඉදිමීමේ රෝගය හේතුවෙන් දරුවන් 90කට වැඩි පිරිසක් මේ වනවිටත් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන්දියාවේ රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ වනවිටත් රෝගීන් 200ක් පමණ රෝහල් දෙකක ප්‍රතිකාර ලබන බවයි. ඉන් බහුතරය අවුරුදු 10ට අඩු දරුවන් බවත් සඳහන් වෙයි.

එහිදී, මියගිය පිරිසෙන් වැඩි දෙනා සිරුරේ සීනි මට්ටම අඩුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත බවද එම වාර්තා පෙන්වා දෙයි.

වර්ෂ 1970 දී මෙම වෛරසය මුලින්ම හඳුනාගත් අවස්ථාවේ සිට බිහාර් සහ ඊට ආසන්න උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත තුළ දරුවන් දහස් ගණනක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන්දීය රජය පවසන්නේ මෙම රෝගයට ගොදුරුවූවන් සිටින පවුල්වලට මෙන්ම බිහාර් ප්‍රාන්තය වෙත ලබාදිය හැකි සෑම පහසුකමක්ම ලබාදීමට පුළුල් වැඩපිළිවෙළක් අරඹා ඇති බවයි.

Read more

Local News