අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු වෙයි

Share

නොවැලක්විය හැකි හේතුවක් මත අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර තිබෙන බවට වාර්තා වෙයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ ජපානයේ G20 සමුළුවට සහභාගී වීම සඳහා යාමට සිදුවී ඇති බැවින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලබන 24 වන දා සිට 30 වන දා අතර කාලය තුළදී සැලසුම් කර තිබූ ආසියානු සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවේද සංචාරය කිරීමට නියමිතව තිබිණි.

Read more

Local News