දුම්රිය ස්ථාන නවීකරණයට පෞද්ගලික අංශයේ සහාය

Share

දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය ස්ථාන නවීකරණය කිරීමට පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමට තීරණය කර තිබෙන බවත් ප්‍රවාහන හා සිවිල්  ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.

ඒ සඳහා පෞද්ගලික අංශයට අවස්ථාව ලබා දී තිබෙන බවද ඊයේ (18) පාර්ලිමේන්තුවේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙමඟින් රජයට කිසිදු වියදමක් නොමැති බවද ඔහු එහිදි ප්‍රකාශ කළේය.

දේශීය විදේශීය මඟීන්ට පහසුකම් සහිත වැසිකිළි පහසුකම් සකස් කිරීමට ද කටයුතු කෙරෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සංවර්ධනය කළ යුතු තත්ත්වයේ දුම්රිය ස්ථාන 134ක් පවතින බවත් ,2015 වසරේ සිට මේ දක්වා සංවර්ධනය කරන ඇත්තේ දුම්රිය ස්ථාන 58ක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව ඉදිරියේ දී සංවර්ධනය කිරීමට නියමිත දුම්රිය ස්ථාන සංඛ්‍යාව 59ක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබාදෙමින් පැවසීය.

Read more

Local News