අමෙරිකාව ඉරානයට එරෙහිව යුදමය පියවර ගනීද ?

Share

න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීම වැළැක්වීම සඳහා ඉරානයට එරෙහිව යුදමය පියවර ගැනීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය.

ජනාධිපති ට්‍රම්ප් මේ බව සඳහන් කළේ, ඉරානයට එරෙහිව යුද වැදීම පිළිබඳ සලකා බැලීමට හේතු කවරේදැයි මාධ්‍ය සාකච්ඡාවකදී විමසූ අවස්ථාවේදී ය.

කෙසේ වෙතත් ඉරානය සම්බන්ධයෙන් යුදමය පියවර ගැනීමට මෙතෙක් සූදානම් නොමැති බව ද අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

මැදපෙරදිග කලාපයට අමතර සෙබලුන් 1000ක් යෙදවීමට ද අමෙරිකාව පසුගියදා පියවර ගත්තේ ය.

Read more

Local News