දුම්රිය වෘත්තිය සමිති හා මුදල් ඇමති අතර සාකච්ඡාව අද – විසඳුම් නොලැබුණොත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මකයි

Share

සිය ගැටලුවට විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් අද(20) පස්වරුවේ සිට වැඩවර්ජනය ආරම්භ කරන බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

දුම්රිය මෙහෙයුම් අධක්ෂණ නිලධාරි වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේ, පස්වරු 02.00ට මුදල් අමාත්‍යවරයා සමඟ සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබුණි.

කෙසේවෙතත් මුදල් අමාත්‍යවරයා සමඟ අද දිනයේ සාකච්ඡාවක් ලබා දෙන බවට ප්‍රවාහන අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුවකට අනුව වැඩවර්ජනය තාවකාලිකව නතර කිරීමට දුම්රිය වෘත්තිය සමිති තීරණ කළේය.

Read more

Local News