අදත් පළාත් කිහිපයකට තද වැසි

Share

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර වයඹ පළාතේත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක.

දිවයින හරහා, විශේෂයෙන්, මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් දකුණු පළාතේත් බස්නාහිර වෙරළබඩ ප්‍රදේශ වලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

Read more

Local News