ආබාධිත සෙබලාට මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වෙයි

Share

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2.77 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඇසක් ආබාධිත හිටපු යුද හමුදා සෙබළකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් මෙම දඬුවම නියම කරනු ලැබුවා.

2013 වසරේ අගෝස්තු මස 09 වනදා කොළඹ, ඇන්ඩ්‍රෘ වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය තාච්චි කර්මාන්තශාලාවක් අසලදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2.77 සන්තකයේ තබාගෙන සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ලැබීය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව ප්‍රකාශ කළේය.

ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවද විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේය.

Read more

Local News