අබලන්ව ඇති ග‍්‍රාමීය වැව් 325ක් පිළිසකර කිරීමට ජනපතිගෙන් උපදෙස්

Share

උතුරු මැද, උතුර සහ වයඹ පළාත් ආශ‍්‍රීත අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, කුරුණෑගල, වව්නියාව සහ මන්නාරම දිස්ති‍්‍රක්කවල අබලන්ව ඇති ග‍්‍රාමීය වැව් 325ක් පිළිසකර කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

වැව් ගම් පුබුදුව, වැඩසටහන කඩිනම් කර අදාළ ප‍්‍රදේශවල ගොවි ජනතාවට ප‍්‍රතිලාභ සලසන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

එම වැව් ආශ‍්‍රිත ගම්මානවල ජනතාවට පිරිසුදු පානීය ජලය සපයා දීමේ ව්‍යාපෘතියක් ද මේ හා සමගාමීව කි‍්‍රයාත්මක වන අතර එම කටයුතුවල ප‍්‍රගතිය ද ජනාධිපතිවරයාගේ අධීක්ෂණයට ලක්ව තිබේ.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මඟින් මෙහෙයවන වැව් ගම් පුබුදුව දේශගුණික විපර්යාසයන්ට අනුහුරුවීම සඳහා වූ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතියේ වත්මන් ප‍්‍රගතිය සොයා බැලිමට ඊයේ(19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

ජාත්‍යන්තර හරිත දේශගුණික අරමුදල මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 6664ක මුල්‍ය ප‍්‍රතිපාදන සපයා තිබෙන අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දෙයි.

ව්‍යාපෘතිය මඟින් අදාළ කලාපවල වෙසෙන නිරන්තරයෙන් ගංවතුර, නියඟය වැනි ස්වභාවික විපත්වලට ගොඳුරුවන අඩු ආදායම්ලාභී පහළොස් ලක්ෂයක් පමණ වන ගොවි පවුල්වල ජීවනෝපාය සංවර්ධනය සඳහා අතදීම සිදු කරයි.

Read more

Local News