තේ කොළ ටොන් 10ක් ප්‍රවාහනය කළ කන්ට්‍රේනර් රථය අඩි 50ක ප්‍රපාතයට

Share

ඩයගම සිට කොළඹ දක්වා තේ වෙන්දේසිය සදහා තේ කොළ ප්‍රවහනය කරමින් තිබු කන්ට්‍රේනර් රථයක් ප්‍රපාතයකට පෙරලි අනතුරක් සිදු වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

අද(20) අලුයම 5.00 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කඩවල ප්‍රදේශයේදිය.

අනතුරෙන් කන්ට්‍රේනර් රථයේ රියදුරා සහ රිය සහයකයා සුළු තුවාල ලබා ඇති බව අප වාර්තාකරු පැවසීය.

කන්ටෙයිනර් රථය අනතුරට පත් වන අවස්තාවේ කන්ට්‍රේනර් රථය තුල තේ කොළ ටොන් 10 තිබු බවයි පොලිසිය පැවසුවේ.

ගිනිගත්හේන ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණය සමග කන්ට්‍රේනර් රථයේ තිරිංග ක්‍රියා විරහිත වි කන්ටෙයිනර් රථය රියදුරාගේ පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 පමණ ප්‍රපාතයට පෙරලි ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

කන්ට්‍රේනර් රථය පෙරලිමෙන් වටවල ප්‍රදේශයේ සිට ගිනිගත්හේන ජල සම්පාදක මණ්ඩලය දක්වා ජලය රැගෙන යන ජල නලයකටද හානි සිදු වි ඇත.

අනතුර සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News