හෙරොයින් ළඟ තබා ගත් වරදට තිදරු පියාට මරණීය දණ්ඩනය

Share

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 4.40 ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකරු කෙරුණු තිදරු පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය.

කොළඹ 13, මහා විද්‍යාල මාවතේ පදිංචිව සිටි 43 හැවිරිදි තිදරු පියකුට මෙසේ දඬුවම් නියම වී තිබේ.

2013 වසරේ ජනවාරි මස 1 වන දා කොස්ගස් හන්දිය ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදුකළ වැටලීමකදී මෙම විත්තිකරු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 4.40 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරූ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව සඳහන් කළේය.

ඒ අනුව ඔහුට මරණීය දණ්ඩනය නියම කළ බව විනිසුරුවරයා නියෝග කළේය.

Read more

Local News