වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

Share

වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 6 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇත.

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (20) එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් සිව් දෙනෙකු සහ වතු කම්කරුවන් දෙදෙනෙකු බගවන්තලාව ප්‍රදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.

බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතු යායේ මැද කොටසේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක් එක වරම ඇවිස්සි තමන්ට පහර දුන් බවයි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටින වතු කම්කරුවන් කියා සිටියේ.

බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News