ප්‍රාථමික සෞඛ්‍ය සේවා නංවාලීමේ ශ්‍රී ලංකා ව්‍යාපෘති කාර්යාලය විවෘත වෙයි

Share

රෝගී කේන්ද්‍රීය සෞඛ්‍ය සේවාව පුරවැසි කේන්ද්‍රීය සෞඛ්‍ය සේවාවක් බවට පත් කිරීමේ අරමුණින් ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබලගැන්වීමේ ශ්‍රී ලංකා ව්‍යාපෘති කාර්යාලය විවෘත කිරිම සහ නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවය කොළඹ ඡේ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේ දී අද(20) පෙරවරුවේ පැවැත්විණි.

එම කාර්යාලය විවෘත කිරීමෙන් පසු ලෝක බැංකු සෞඛ්‍ය සේවා ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණෟඩාර මහතා රාජකාරී කටයුතු ආරම්භ කිරිම ද මෙහිදී සිදුවිය.

ලෝක බැංකුවේ ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ප්‍රතිපාදන මත ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නංවාලීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක අතර, 2019 වසරේ දී ප්‍රාථමික රෝහල් 60 ක් ද, 2020 වසරේ දී ප්‍රාථමික රෝහල් 150 ක් ද සංවර්ධනය කිරීමට නියමිතය.

Read more

Local News