පාස්කු ප්‍රහාරයෙන් පසුව සුළු වැරදිවලට අත්අඩංගුවට ගත් අයගේ පරීක්ෂණ කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Share

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව සුළු වැරදි සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට අදාළ පරික්ෂණ කඩිනමි කර ත‍්‍රස්තවාදයට සම්බන්ධ නොවන සියලූ දෙනා නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබේ.

ජාතික ආරක්ෂක කමිටුව ඊයේ(19) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ දී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ය.

රටේ ආරක්ෂක වැඩපිළිවෙළ සහ වත්මන් තත්ත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ ද සමාලෝචනයට ලක් කෙරිණි.

ආගමික උත්සව සහ මහජන හමුවීම් පැවැත්වෙන ස්ථානවල ආරක්ෂාව සහතික කිරීමට අඛණ්ඩව පියවර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

Read more

Local News