අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නවතී

Share

අද(20) මධ්‍යම රාත්‍රී 12 සිට සිට පැය 48ක කාලයක් දුම්රිය වර්ජනයක් සිදු කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වුණි.

කෙසේ වෙතත් දින දෙකක කාලයක් දුම්රිය වර්ජනය කිරීමට දුම්රිය වෘත්තිය සමිති මේ වන විට තීරණයකට එළඹ ඇති බවටයි වාර්තා වන්නේ.

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබුණු නමුත් මුදල් අමාත්‍යවරයා සමඟ අද දිනයේ සාකච්ඡාවක් ලබා දෙන බවට ප්‍රවාහන අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුවකට අනුව වැඩවර්ජනය තාවකාලිකව නතර කිරීමට දුම්රිය වෘත්තිය සමිති තීරණ කළේය.

Read more

Local News