පළාත් කිහිපයකට අදත් තදවැසි

Share

දිවයින හරහා සු‍ළඟේ වේගය ඉහළ යාම සහ දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කීපයේ දී තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ‍පවසයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ හා උතුරු මැද පළාත්වලත් ත්‍රිකූණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර තද සුළං ඇති විය හැකියි.

සෙසු ප්‍රදේශවල පැයට කිලෝ මීටර 40-50 ත් අතර සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ‍පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය අතර වයඹ පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කීපයක් ඇති විය හැකියි.

සබරගමුව හා මධ්‍යම පළාත්වල කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ක පමණ වැසි ඇති විය වෙයි.

කොළඹ, ‍ගාල්ල හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකියි.

Read more

Local News