බොරැල්ලේ ගින්නක්

Share

බොරැල්ල පොලිස් වසමේ කාදර්නානා වත්ත, ප්‍රදේශයේ අද(21) අළුයම 2.30 ට පමණ හදිසි ගින්නක් හට ගෙන තිබේ.

මෙම ගින්න හට ගෙන ඇත්තේ 141 කො‍ටසේ තාවකාලික නිවාස 4ක බවටයි වාර්තා වන්නේ.

ගින්න හට‍ ගෙන ඇති බවට ලද තොරතුර මත වහාම ක්‍රියාත්මක වු පොලීසිය, ප්‍රදේශවාසීන් හා කොළඹ නගර සභාවේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබේ.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව පොලීසිය පවසයි.

Read more

Local News