තැන් දෙකකදී හෙරොයින් සමඟ 2ක් අත්අඩංගුවට

Share

පානදුර උතුර ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 320 සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

ඔහු 37 හැවිරිදි පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.

මේ අතර වීරඟුල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රැම් 03යි මිලිග්‍රෑම් 05ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 30 හැවිරිදි, කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.

ඔහු අද(21) අත්තනගල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News