ශ්‍රී ලංකා – එංගලන්ත තරඟය අද

Share

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම සහභාගි වන 06 වන තරඟය සත්කාරක එංගලන්තයට එරෙහිව අද(21) ලීඩ්ස් හිදි පැවැත්වෙයි.

තරඟය මෙරට වේලාවෙන් පස්වරු 03.00 ආරම්භ වන අතර එම තරඟයට වර්ෂාවෙන් බාධා ඇති නොවන බවයි එරට කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව පවසන්නේ.

දෙරට අතර මේ දක්වා ලෝක කුසලාන තරඟ 10 ක් පවත්වා තිබෙන අතර ඉන් තරඟ 06 ක් එංගලන්ත කණ්ඩායම ජය ගෙන ඇති අතර ශ්‍රි ලංකාව තරඟ 04 ක් ජයගෙන ඇති බව සදහන් වෙයි.

අවසන් වරට එංගලන්ත කණ්ඩායම ශ්‍රි ලංකා කණ්ඩායම පරාජය කර ඇත්තේ 1999 වර්ෂයෙදි ය.

ඒ අනුව 2007, 2011, 2015 යන වසර වල පැවැත්වුණු තරඟ අඛන්ඩව ජය ගැනිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්කම් දක්වා තිබේ.

Read more

Local News