බෝම්බ පුපුරණ කල් බලා සිටින පිරිසක් රටේ සිටින බව මුජිබර් කියයි

Share

අප්‍රේල් 21 වන දා එල්ල වු බෝම්බ ප්‍රහාරයන් සමඟ ආණ්ඩුවේ ගමන් මඟ ආපස්සට හැරවීමට ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් බලාපොරොත්තුවෙන් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

බෝම්බ පුපුරණ කල් බලා සිටින පිරිසක් රටේ සිටින බවත්, ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන්ට බෝම්බ පිපිරීම අවුරුද්ද සමරනවා වැනි හැඟීමක් ඇති කර තිබෙන බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

අද(21) උදෑසන කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

අහිංසක ජනතාවගේ මළ මිනී මතින් හෝ දේශපාලනය කිරීමට ඔවුන් උත්සහ ගන්නා බවට චෝදනා කල මන්ත්‍රීවරයා, ජාතිවාදය අවුස්සා ඒකෙන් නැවත බලයට ඒමට පුළුවන් ඇතැයි ඔවුන් විශ්වාස කරන බව ද පැවසීය.

“ජාතිවාදය“ යන සටන් පාඨය හැර වෙන කිසිවක් ඒකාබද්ධ විපක්ෂයට නොමැති බව ද පැවසු මන්ත්‍රීවරයා, ඔවුන් ගෝත්‍රිකවාදීන් ලෙස කටයුතු කරන බවට ද චෝදනා කළේය.

Read more

Local News