කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Share

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගනු ලැබීය.

ඒ අනුව පන්දුවට පළමුවෙන් පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබේ.

දෙරට අතර මේ දක්වා ලෝක කුසලාන තරඟ 10 ක් පවත්වා තිබෙන අතර ඉන් තරඟ 06 ක් එංගලන්ත කණ්ඩායම ජය ගෙන ඇති අතර ශ්‍රි ලංකාව තරඟ 04 ක් ජයගෙන ඇති බව සදහන් වෙයි.

අවසන් වරට එංගලන්ත කණ්ඩායම ශ්‍රි ලංකා කණ්ඩායම පරාජය කර ඇත්තේ 1999 වර්ෂයෙදි ය.

ඒ අනුව 2007, 2011, 2015 යන වසර වල පැවැත්වුණු තරඟ අඛන්ඩව ජය ගැනිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්කම් දක්වා තිබේ.

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමට නම් මෙම තරඟය අනිවාර්යෙන් ජය ගතයුතු වෙයි.

Read more

Local News