මිනිස් ඝාතනයක් සිදු කිරීමේ වරදට තුන්දෙනෙක් පෝරකයට

Share

පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් කාන්තාවකට පිහියෙන් ඇන මරාදැමීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු පුද්ගලයින් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කළේය.

කොළඹ මහාධිකරණයේ පූර්වගාමී මහධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

1991 වසරේ ඔක්තෝම්බර් මස 15 වනදා බම්බලපිටිය, ස්කෙල්ටන් වත්ත නැමැති ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ජෝන් සුසිලාවතී නැමැති කාන්තාවකට පිහිවලින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචි විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා විත්තිකරුවන්ට කර තිබූ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය.

ඒ අනුව විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය ප්‍රකාශයට පත් කරන බවද විනිසුරුවරයා නියෝග කළේය.

Read more

Local News