මන්ද පෝෂණය ගැන විශේෂඥයින්නේ අද වේදිකාවල ඉන්නේ

Share

මන්ද පෝෂණය පිළිබඳව අද බොහෝ දෙනා වේදිකාවල සිට විශේෂඥයින් ලෙස කතා කරන බවත්, එසේ පවසන පිරිස දිවංගත රණසිංහ ප්‍රේමදාස තම පියාණන් පාසල් දූ දරුවන්ට ලබා දුන් දිවා ආහාර මුද්දරයද කප්පාදු කළ බවත් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මෙරට පාසල් දූ දරුවන්ගේ අඩු පෝෂණ මට්ටම දැක නොමිලේ දිවා ආහාර මුද්දරය ලබා දීමේ වැඩසටහන ආරම්භ කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා,ඉදිරි කාලයේදී මෙරට ජනතාව ගන්නා තීන්දුව සජිත් ප්‍රේමදාස නම්, ලක්ෂ 44 ක් වන පාසල් දූ දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වගකීම තමන් බාර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පාසල් දූ දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දෙනවා සේම පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීම රජයක වගකීමක් බවත්, එය පාසල් දූ දරුවන්ගේ මානව අයිතිවාසිකමක් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ,සූරියවැව, වැදිවැව ප්‍රදේශයේ ඉදිකළ “සහස්රාවගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (21) දින සහභාගී වෙමිණි.

“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේජනතා අයිතියට පැවරුණු 205 වන ආදර්ශ ගම්මානය මෙය වෙයි.

“සහස්රාවගම” උදා ගම්මානය නිවාස 25කින් සමන්විත වන අතර එය අංග සම්පූර්ණව ඉදි කිරීම සඳහා රුපියල් ලක්ෂ 222කි.

පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් මෙම උදා ගම්මානය සමන්විතයි.

Read more

Local News