දරුවන්ට නොමිලේ අධ්‍යාපනය දෙන්න රජයට නොහැකිද ?

Share

දරුවන්ට නොමිලයේ අධ්‍යාපනය ලබා දීමට රජයට ඇති නොහැකියාව හේතුවෙන් දරුවන්ට මුදලට අධ්‍යාපනය ලබා ගැනීමට සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති ජාතික ශිෂ්‍ය වීර දිනය සැමරුම් උත්සවයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

නොමිලයේ අධ්‍යාපනය ලබාදීමට රජයට ඇති නොහැකි වී ඇත්තේ රජයන් විසින් නිසිආකාරව ලබා දීමට ඇති නොදැනුවත්කම හා නොහැකියාව හේතුවෙන් බව ඒ මහතා පවසයි.

ඔවුන්ගේ ප්‍රතිපත්තිය අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් කොට මුදලට විකිණීම බවත් තම ප්‍රතිපත්තිය නිදහසේ නොමිලේ අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් අරගල කිරීම බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඒ සඳහා සටන් පාඨ නිර්මාණය විය යුත්තේ පෞද්ගලික අධ්‍යාපන ආයතන රජයට පවරාගෙන සෑම දරුවෙකුටම නිදහස් හා නොමිලේ අධ්‍යාපනය ලබා දීම සඳහා බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේය.

Read more

Local News