රෑ වැටුණ වලේ දවල් වැටෙන්න ඕන නැති බව රවි කියයි

Share

උගත් හා දක්ෂතා සපිරි පුද්ගලයෙකු පමණක් මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද(21) කොළඹ පැවති උත්සවයකදී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

තව මාස 4-6 කින් සියලු දෙනා ජනාධිපති අපේක්ෂකයින් ඉදිරිපත් කරනු ඇති බවත්,  එක්සත් ජාතික පක්ෂයෙන් කල යුතු වන්නේ අධ්‍යාපන සුදුසුකම් සහිත දක්ෂතාවය මතු කල හැකි පුද්ගලයෙක් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම එක එක්කෙනාගේ පුතා යනුවෙන් පවසන අය වුවත් රෑ වැටුණ වලේ දවල් වැටෙන්න ඕන නැති බව ද පැවසු අමාත්‍යවරයා, රටක් පාලනය කිරීමට අධ්‍යාපන සුදුසුකම් නොමැති අයට යා හැකි ද? යනුවෙන් ද ප්‍රශ්න කර සිටියේය.

අවම වශයෙන් ලංකාවේ සාමාන්‍ය පෙළ හෝ තිබිය යුතු බව තමා යෝජනා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Read more

Local News