අපේ බලාපොරොත්තුව සජිත් – තලතා

Share

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.

නමුත් පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් බවයි.

ඊයේ (20) රත්නපුර කටුරොදගම පැවති උත්සවයකදී අමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

සජිත් ප්‍රේමදාම මහතා ජවාධිපතිවරයා වෙන තෙක් බලා සිටින බව පැවසු අමාත්‍යවරිය, සියලු දෙනාගේම බලාපොරොත්තුව එය බව ද පැවසීය.

අනිවාර්යෙන්ම එය සිදු වෙන බව ද පැවසු අමාත්‍යවරිය, අපි ඇප කැප වුයේ අද ඊයේ නොවෙන බවත්, දුප්පතාගේ දුක හඳුනන අයෙක් ජනතා සේවයට සුදුසු නායකයෙක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා කරන බවද  පැවසීය.

කෙසේ වෙතත් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයට උගත් හා දක්ෂතා සපිරි පුද්ගලයෙකු පමණක් මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවයි.

Read more

Local News