අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Share

අද(22) දිනයේ පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 තෙක් පැය 15 ක ජල කප්පාදුවක් කොළඹ ප්‍රදේශ රැසකට සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි පද්ධතියේ වැඩිදියුණු කිරීම් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලිය විසන්ධි කිරීම හා ජුබිලි ජල සැපයුම් පද්ධතියේ අළුත්වැඩියා කටයුතු මීට හේතු වේ.

අදාල කාලය තුළ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා බල ප්‍රදේශ මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට හා රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

Read more

Local News