අපේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා

Share

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව චෝදනා භාරදී ඇතත් ප්‍රහාරයට මාස දෙකක් ගත වන මොහොතේවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමක් සිදු කර නැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයෙන් පසු නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම පිළිබදව අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියන් වෙත කරුණු පැහැදිළි කිරීමට ගිය අවස්ථාවේදීය.

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුලු පක්ෂයේ සාමාජිකයින් පිරිසක්
ඊයේ (22) පෙරවරුවේ අස්ගිරි මහා විහාරය වෙත පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් බැහැදුටුවේය

එහිද මාධ්‍ය වෙිදින් කළ ප්‍රශ්න කිරීම් හමුවේ මන්ත්‍රීවයා පැවසුවේ රටේ තත්ත්වය යහපත් ලෙස සලකා හදිසි නීතිය ඉවත් කළොත් ත්‍රස්තවාදී සංවිධාන නැවත සාමාන්‍ය සංවිධාන බවට පත් වන බවයි.

එසේ වුවහොත් ඊළඟ බෝම්බය වනතුරු ආපහු නිදාගන්න සිදු වන බවද ඒ මහතා එහිදි පැවසීය.

එහිද ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපෙක්ෂකයා සම්බන්ධයෙන්ද මාධ්‍ය වේදින් මනත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළේය.

එහිද ඔහු පැවසුවේ මැතිවරණ අපෙක්ෂකයා හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඒ සම්බන්දයෙන් සැකයක් තබා නොගන්නා ලෙසත්ය.

ඉන් පසුව මන්ත්‍රී පැමිණියේ ගැටඹේ රජෝපවනාරාමය වෙතයි.

එහිදි ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ තම නිවසේ සිටින සපාකන සුනකයා බැද දමා නොතබන්නේ නම් එම සුනකයා කිසියම් හෝ පුද්ගලයෙකුට අනතුරක් සිදු කළහොත් තමන්ද එයට වග කිව යුතු බවයි.

Read more

Local News